සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අමිත බණ්ඩාර එම සංවිධායක ධුරයෙන් නෙරපා පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්විටුවීමට සමගි ජන බලවේගය කටයුතු කර තිබේ.
එහි මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර පවසන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට (22) පැවැත්වෙන බවත් ඊට මෙම තීරණය ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත්ය.
අමිත බණ්ඩාර මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් පක්ෂය මෙම පියවර ගත් බවත් ඔහු තව දුරටත් කීවේය.