කුඩු බිස්නස් කළ ⁣නාකොටියෙක්ගේ ගිණුමේ කෝටි දෙකහමාරක්!

August 4, 2020 at 6:01 pm | by emanisa.lk

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් මුදල් විශුද්ධිකරණය කළේ යැයි සැකපිට දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් ගොනු කර ඇති තවත් පැමිණිල්ලක් අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙකු වන සමන් කුමාර ජයසිංහ නමැති සැකකරුගේ බැංකු ගිණුම්වලින් රුපියල් 24,195,680 ක මුදලක් අවස්ථා 53 කදී ලබා ගෙන තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස