යුක්තිය මෙහෙයුම නතර නොකළ ද මේ වන විට අඩපණව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පාස්පෝට්, වීසා ගැටලු ඇති කර තමන්ට පහර දෙන්නේ ද යුක්තිය මෙහෙයුම නිසා බවත් හැකි නම් එම පාර්ශ්ව තමන් මරා දැමීමට උව නොපැකි
යුක්තිය මෙහෙයුම දියත් කළ පොලිස්පතිවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කොට ඇති නිසා එම කටයුතු මේ වන විට අඩාළ වී ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
මේ වන විට කුඩු ව්‍යාපාරයේ මුදල් බොහෝ පාර්ශ්ව අතට පත්ව ඇති අතර යුක්තිය මෙහෙයුම අඩාළ කිරීම සඳහා නඩු පවරන පාර්ශ්ව ද එම මුදල් ලබා ගෙන ඇති බවටයි, ඇමැති අලස් චෝදනා කළේ.