මීට වසර 11කට පෙර පැවති නීති විභාගයකදී තමාට කිසිදු විශේෂත්වයක් සැලකිල්ලක් නොදැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
වංචාවට දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි ව්‍යාපාරයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
“මට එල්ල වන අනෙකුත් බොහෝ චෝදනා මෙන්ම මෙය ද දේශපාලන වාසි සඳහා පමණක් සිදුකරන්නක්. වසර ගණනාවක් තිස්සේ භාවිත කරන ලද මෙවැනි චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි.
සාධාරණත්වය වෙනුවෙන් කවදත් ප්‍රබල කීර්තියක් හිමි කරගත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විශ්වාසනීයත්වය මෙමගින් දැඩි ලෙස හෑල්ලු කරනවා. මම ඇතුළු කිසිම අපේක්ෂකයෙකුට විශේෂ සැලකිල්ලක් දුන්නේ නැහැ.”
මේ වන විට කතානායකවරයා සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය යටපත් කිරීමට කිසියම් පිරිසක් විසින් මෙලෙස තමාට චෝදනා කරන බව ද නාමල් රාජපක්ෂ සඳහන් කරයි.