මිනිසාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට වැඩිපුර සිටින වඳුරන් රිලවුන් සහ දඬුලේනුන් ඝාතනය කළ යුතු බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
සත්ව ඝාතනයට විරුද්ධව යම් පිරිසක් කෑ ගැසුව ද ඒවා ගණන් ගත යුතු නැති බවයි, හිටපු ඇමතිවරයා සඳහන් කළේ.
කලකට පෙර ලංකාවේ අයාලේ ගිය බල්ලන් මෙන්ම ඩෙල්ෆ් දූපතේ පෝනියන් ද වෙඩි තබා ඝාතනය කළ බව එස්.බී. දිසානායක සිහිපත් කරයි.
කෙසේ වුව ද අලි සිටින්නේ සුළු ප්‍රමාණයක් නිසා අලි වැට ශක්තිමත් කරමින් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් එස්.බී. දිසානායක මේ බව කීය.