කැරම් බෝඩ් බෙදපු අය නෙමයි, හොරු අල්ලලා හොරා කෑ ධනය රාජසන්තක කරනු….! – දිලිත් ජයවීර….

June 2, 2025 at 2:59 pm | by emanisa.lk

හොරු අල්ලා ඔවුන්ට දඬුවම් ලබා දී ඔවුන් හොරා කෑ ධනය ජාතික ධනයට එකතු කරන තුරු ජනතාව බලා සිටින බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනාට දැඩි දඬුවම් ලැබුණ ද දෙවන අභිලාෂය ඉටු නොවන බවයි.

එම දෙදෙනා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ජනතාව අතර බෙදා අවසන් බව ද හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුව ද ජනතාව තවමත් ලොකු හොරුන් කිහිප දෙනෙකු අල්ලා ඔවුන් හොරා කෑ ධනය රාජසන්ත කරන තුරු බලා සිටින බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *