කැබිනට් මාධ්‍ය හමුව ආණ්ඩුට හිස රදයක් වෙයි… අලුත් පන්නයේ මාධ්‍ය වාරණයකට සූදානම්….!

April 30, 2025 at 9:45 am | by emanisa.lk

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට පමණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ වඩාත් විධිමත් ආකාරයෙන් කැබිනට් මාධ්‍ය හමුව පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන ඇති බවයි.

එසේම අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමටත් කැබිනට් පත්‍රිකා මත පදනම් වූ ප්‍රශ්න සහ අත්‍යාවශ්‍ය ප්‍රශ්න කිහිපයක් සඳහා පමණක් පිළිතුරු දීමට තමන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මෙම මාධ්‍ය හමුව සඳහා පැමිණෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ අද (අප්‍රේල් 29) පැවති කැබිනට් මාධ්‍ය හමුව අවසානයේදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *