කැට තියලා කියන්නම්..2024 රනිල් එන්නේ නෑ…! – උදයංග වීරතුංග…

September 27, 2023 at 2:26 pm | by emanisa.lk

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථා 4ක් පැවැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.

එම අවස්ථා හතර අතුරින් අවස්ථා දෙකක එනම් 1999 සහ 2004 තමන්ට ජයග්‍රහණය කිරීමට අවස්ථාව තිබූ බව රනිල් වික්‍රමසිංහ තේරුම් ගත් බවයි, ඔහු පවසන්නේ.

අනෙක් සියලු අවස්ථාවල රනිල් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සරත් ෆොන්සේකාට සහ මෛත්‍රීපාල සිරිසේනට ලබා දුන් බව ද උදයංග වීරතුංග පෙන්වා දෙයි.

2024 ජනාධිපතිරණය සඳහා පොහොට්ටුවේ නායකයින්ගේ ආශීර්වාදය රනිල්ට ලැබුණ ද ගම්වල පොහොට්ටු ඡන්ද ඔහුට නොලැබෙන බව සඳහන් කළ උදයංග වීරතුංග, එය දන්නා රනිල් මැතිවරණය සඳහා කිසිසේත් ඉදිරිපත් නොවන බවත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *