කාෂ්මීරයේ වෙනුවෙන් කොළඹ පොස්ටර්…..!

February 8, 2021 at 9:39 am | by emanisa.lk

ඉන්දියාවේ කාෂ්මීර ප්‍රාන්තයේ ජනතාවගේ නිදහස් නිවහල් භූමියක් උදෙසා සහාය පළ කරමින් කොළඹ පෝස්ටර් අලවා තිබේ.

කාෂ්මීර භූමිපුත්‍රයින්ගේ නිවහල් නිදහස් භූමිය උදෙසා ශ්‍රී ලාංකිකයෝ නමින් අලවා ඇති මෙම ව්‍යාපාරය පිටුපස සිටින්නේ කවුද යන්න පැහැදිලි නැත.

කාෂ්මීරය සඳහා ඉන්දියාව මෙන් ම පාකිස්ථානය ද අයිතිවාසිකම් කියයි. එහි ජනගහනයෙන් 2/3ක් පමණ මුස්ලිම් ය.

මේ නිසා ඉන්දියාව සහ පකිස්ථානය අතර අර්බුදයක් පවතින අතර චීනය පකිස්ථානයට හිතවත් ආස්ථානයක සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *