කාදිනල් හිමි පාස්කු වින්දිතයන්ට මිලියන 500ක් වැය කළා.. කිතුනු ඉගැන්වීම් අනුව ඒවා කළේ රහසේ …!

June 21, 2024 at 4:17 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර මුදලින් රුපියල් මිලියන 500ක පමණ මුදලක් මේ වන විට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.

“මෛත්‍රීපාල සිරිසේන මහතා අද වන විට දේශපාලන අතින් ඉතාමත් බංකොළොත්භාවයකට පත්වුණු පුද්ගලයෙක්. එතුමාගේ බංකොළොත්භාවය වහ ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ කියන්නේ.

ඇත්තටම කාදිනල් හිමිට ලැබුණු මුදලින් මිලියන 500කට වැඩි මුදලක් මේ වන විටත් වින්දිතයින් වෙනුවෙන් කොළඹ කතෝලික සභාවේ අගරදගුරු හිමිපාණන් යටතේ තියෙන සහන සේවා ආයතනයක් වන සෙත්සරණ ආයතනය විසින් වියදම් කරලා තියෙනවා.

ක්‍රිස්තුන් වහන්සේ ඉගැන්වීමක් තියෙනවා දකුණු අතින් දෙන දේ වමතට නොදැනෙන් දෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි කතෝලික සභාවෙන් කරන දේවල් මාධ්‍ය හමුවේ ප්‍රචාරය නොකර බොහෝම රහසිගතව සිදුකරන්නේ.”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *