පසුගිය පාලන සමයේ වැඩ තහනමට ලක්වූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පැවැත්වූ සේවක උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් එම පිරිස වැඩ තහනමට ලක්විය.
එහිදී සේවකයින් 62කුගේ සේවය අත්හිටුවා තිබුණු අතර ඊයේ (24) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයක් මත එම සේවකයින් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයට එක්විය.