විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ කිරීම තුළින් ඇති කෙරෙන නව සමාගම්වලට අනුයුක්ත වීමට අකැමැති සේවකයන්ට ස්වකැමැත්තෙන් විශ්‍රාම යෑමට ක්‍රමවේදයක් සකස් කොට ඇති බව ලංවිම ආරංචි මාර්ග පවසයි.
එම සේවකයන්ට රුපියල් මිලියන 5ක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට ද පාලන අධිකාරිය. තීරණය කර ඇත.
මේ වන විට පිහිටුවා ඇති අනුප්‍රාප්තික සමාගම්වලට සේවකයන් අනුයුක්ත කර ඇති බවට සේවකයන්ට ලිපි මඟින් දැනුම්දී ඇතැයි ලංවිම ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවක් මාධ්‍ය වෙත සඳහන් කළේය.
කෙසේ නමුත් අනුප්‍රාප්තික සමාගම්වලට අනුයුක්ත වීමට කැමැති හෝ අකැමැති සේවකයන්ට ඒ පිළිබඳව දැනුම්දීමට මාස දෙකක කාලයක් ලබාදී ඇති බව ද හෙතෙම පැවැසීය. මේ වන විට ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ඇති කෙරෙන සමාගම් පහ ලියාපදිංචි කර ඇති බවත් ඔහු පැවසීය.