දැනට අයකරනු ලබන බදු අඩු කරන්නේ නම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 161.18කට ලබා දිය හැකි බව දයාසිරි ජයසේකර පවසයි.
“පිටරටින් ඉන්ධන මිලදී ගැනීමේ මිල සූත්‍රය ඛනිජ තෙල් සංස්ථාව සෑම මාසයකම ප්‍රකාශයට පත් කළා. නමුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට එය ප්‍රකාශයට පත් කළේ නෑ. ලංකාවට එන මුදල, ගොඩබෑමේ ගාස්තුව, ආදී වශයෙන් ඒ අයකිරීම් ටික දානවා. නමුත් එය වෙබ් අඩවියේ දැන් දාන්නේ නෑ. ආණ්ඩුව විපක්ෂයේ සිටින විට කිව්වේ මේ තෙල්වලින් මෙච්චර මුදලක් ගහනවා. කංචන විජේසේකරගේ සාක්කුවට මෙච්චරක් යනවා කියලානේ.
මේ ජුනි මාසයේ තෙල් ගොඩබෑමේ විස්තරය මං ළඟ තිබෙනවා. එහිදී ලෑන්ඩින් කොස්ට් එක 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 161.18යි. ඒත් ඉන් රුපියල් 120.42 ක් රජය බදු වශයෙන් ජනතාවගෙන් ගන්නවා. දැන් ඕක තමයි කිව්වේ කංචන විජේසේකරගේ සාක්කුවට යනවා කියලා. ඒ වගේම අනෙක් 95 වර්ගයේ පෙට්‍රල් ගේන්න 154.39යි. ඊට බදු ගහනවා 145.29ක්.
ඊළගට ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් ගේන්න 185.67 යි, ඒකෙන් බදු ගහනවා රුපියල් 97.47ක්. ලංකා සුපර් ඩීසල් ලීටරයක් ගේන්න රුපියල් 157.84යි ඉන් බදු ගහනවා 120.67ක්. මේ බදු අඩු කරලා සහනය දෙනවා කිව්වා. හැබැයි කවදාද මේ බදු අඩු කරලා සහනයක් දෙන්නේ. බදු අඩු කලොත් රුපියල් 161.18කට පෙට්‍රල් ලීටරයක් දෙන්න පුළුවන්.”
දයාසිරි ජයසේකර මේ බව ප්‍රකාශ කළේ, අද (22) පාර්ලිමේන්තුව අමතමිනි.