ක්ලීන් ශ්‍රී ලංකා රජ ගමනේ…. වසරේ ඩෙංගු රෝගී වාර්තාව අට මාසෙන් ඉක්මවයි…!

September 12, 2026 at 5:25 pm | by emanisa.lk

2026 වසරේ මේ වන විට ඩෙංගු රෝගීන් 97235ක් සහ මරණ 74ක් වාර්තා වී තිබේ. එය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව විශාල ඉහළ යෑමකි.

2025 වසරේදී ඩෙංගු රෝගීන් 51 438ක් සහ මරණ 29ක්ද 2024 වසරේදී රෝගීන් 48 897ක් සහ මරණ 22ක් වාර්තා විය. 2023 වසරේදී රෝගීන් 89 799ක් වාර්තා විය. එය 2022 වසරේදී 76 689ක් විය.

ඒ අනුව පසුගිය වසර කිහිපයේම ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රමාණය මේ වසරේ මාස 9ක් ගතවීමටත් පෙර ඉක්මවා ඇති බව තහවුරු වෙයි.

වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව මෙලෙස ඩෙංගු රෝගීන් ප්‍රමාණය ඉහළ යෑම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස