‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ මිනිස්සු ආචාර ධාර්මිකවත් පිරිසිදු විය යුතුයි…! – නිලන්ති කොට්ටහච්චි…

January 11, 2025 at 7:08 pm | by emanisa.lk

පරිසරය පිරිසිදු කිරීම යනු ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ එක් පැතිකඩක් පමණක් බවත් සමාජීය සහ ආචාර ධාර්මික වශයෙන් ජනතාවගේ ආකල්ප පිරිසිදු කිරීම ද එහි කොටසක් බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසයි.

කසළ බැහැර කිරීමේ වර්තමාන ආකල්පය වෙනස් කොට ටොෆි කොළයක් ඉවත දමන විට පවා පරිසරය යනු තම ශරීරයේ කොටසක් ලෙස සිතන තැනට වෙනස් විය යුතු බව ද ඇය පෙන්වා දෙයි.

පරිසරයට කසළ බැහැර කිරීම මෙන්ම පරිසරය පිරිසිදු කිරීම ද නොනවතින ක්‍රියාවලියක් බවත් ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවත් නිලන්ති කොට්ටහච්චි අවධාරණය කරයි.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ අද (11) වාද්දුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ අවස්ථාවට එකතු වෙමින් ඇය මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *