ක්ලීන් ශ්‍රී ලංකා ගෝඨාගේ කාබනික විගඩම වගේ… මහ පාරේ වැඩිම අනතුරු කාර් සහ ලංගම බස්… වාහන අලංකරණ ව්‍යාපාරය හාන්සියි…!

January 9, 2025 at 8:09 pm | by emanisa.lk

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ආණ්ඩුව මුලින්ම අත තැබුවේ අර්බුදයකට ලක්ව පැවති ප්‍රවාහන පද්ධතියට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.

එහි දී ත්‍රීරෝද රථ සහ පෞද්ගලික බස් රථ මගින් සිදුවන අනතුරු ප්‍රමාණය පිළිබඳ විද්‍යාත්මක සොයා බැලීමක් සිදුකිරීමට පවා ආණ්ඩුව කටයුතු නොකළ බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

පසුගිය සමයේ පෞද්ගලික බස් අනතුරුවලට වඩා රජයේ ලංගම බස් අනතුරු ප්‍රතිශතය වැඩි බවත් ත්‍රීරෝද රථ අනතුරුවලට වඩා මෝටර් රථ අනතුරු ප්‍රතිශතය වැඩි බවත් ප්‍රසාද් සිරිවර්ධන පෙන්වා දෙයි.

කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ගෝඨාභයගේ කාබනික පොහොර පන්නයේ වැඩ මගින් ජනතාවගේ ආර්ථික ශක්තිය තව දුරටත් කඩා වැටෙන බව ද ඔහු අවධාරණය කරයි.

එපමණක් නොව වාහන අලංකරණය පදනම් කරගත් ක්ෂේත්‍රවලට මෙමගින් එල්ල වන මරු පහර නිසා එම ජනතාව දැවැන්ත ආර්ථික අවපාතයකට ගොදුරු වන බවත් එමගින් යහපත් තීන්දු පවා එක් පිරිසකට අයහපත් ලෙස බලපෑම් කරන බවත් ප්‍රසාද් සිරිවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අද (09) ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *