ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසර සමාජ සහ ආචාර් ධාර්මිකව ජනතාව ඉදිරියට ගැනීමේ වැඩපිළිවෙළක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
එහෙත් තවමත් එය මහපොළොවේ ක්‍රියාත්මක නොවන බවත් එය මේ මස අවසානය වන විට ක්‍රියාවට නංවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සිය දායකත්වය බස් සහ ත්‍රීරෝද රථ කොටස් ගැලවීම යැයි සිතා පොලිසිය සිය කටයුතු තීව්ර කර තිබූ බව ද හෙතෙම සඳහන් කරයි.
එලෙස ජනතාව අපහසුතාවට පත් කිරීමට රජය කිසිදු නියෝගයක් ලබා දී නොමැති බවත් එය ඉදිරියට නිවැරදි වනු ඇති බවත් නි. ඇමතිවරයා අවධාරණය කරයි.