නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලෑන්ඩ් කෲසර් ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට අයත් දඹුල්ල යුරෝ නිපොන් පෞද්ගලික වාහන අංගනය වැටලීමකදී අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට භාරදී තිබේ.
වලාන – පානදුර දුෂණ මර්දන ඒකකය දඹුල්ල පොලිසියට වාර්තා කර ඇත්තේ මෙම රථයේ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වන බවයි. රුපියල් මිලියන 20ක් රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙනැවිත් ව්‍යාජ ලේඛන සකස්කර භාවිත කර ඇති බවට සැකකෙරේ.
මේ අතර, රොෂාන් රණසිංහ ඇමැතිවරයාගේ වාහන අංගනයේ අධ්යක්ෂ ඉන්දික රත්නායක කියා සිටියේ මෙම වාහනය ඔහුට අයත් බවත්, වාහනයට අදාළ නීත්‍යනුකූල ලියකියවිලි ඔහු සතුව ඇති බවයි.
අයිතිකරුට නොදන්වා වාහනය පොලිස් භාරයට ගත් බවට ඔහු චෝදනා කළේය. කෙසේ වෙතත් රොෂාන් රණසිංහ ඇමැතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක විය.
(Daily Mirror)