ක්‍රිකට් තහනමට ෂම්මි ICCයට යැවූ ලිපිය පාර්ලිමේන්තුවට…!

November 19, 2023 at 9:02 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් කළේය.

මෙම ලිපියේ චෝදනා හයක් ඇතුළත් වන බවත් ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇඟිලි ගසන්නේ යැයි එහි සඳහන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.

මේ සියලු චෝදනා අසත්‍ය බව ද සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් සඳහන් කළේය. කෙසේ වුව ද ෂම්මි ද සිල්වා මෙයට පෙර තමන් ඒවැනි ඉල්ලීමක් කරන ලද බවට නැගුණු චෝදනාව ප්‍රතික්ෂේප කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *