කළුතර දිස්ත්‍රික් හිටපු කර්මාන්ත සහ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා, අනතුරුව පොදුජන පෙරමුණ සමග එකතු වූ අතර ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය දීම නිසා පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේය.
ඔහු 2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත්විය. පසුගිය අරගලය අවස්ථාවේ කුමාර වෙල්ගම ද අරගලකරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ අතර පසුව ඔහු ප්‍රකාශ කළේ එම ප්‍රහාරය නිසා සිය ආයුෂ අවුරුදු 10-15කින් පමණ අඩු වූ බවයි.