මේ වන විට විදේශ ගමන් බලපත්ර ලබා දීම අභියෝගයක් බවට පත්ව ඇතැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ එය මීට පෙර පාලකයන් විසින් ගත් වැරදි තීන්දුවක ප්රතිඵලයක් බවයි.
එහෙයින් විදේශ ගමන් බලපත්රය ඇනවුම් කොට මාස 5-6ක් බලා සිටීමට ජනතාවට සිදුව ඇති බව ද විජිත හේරත් සඳහන් කරයි.
කෙසේ වුව ද ජනාධිපතිවරණය ජයගත් පසු පැවති මහා මැතිවරණ වේදිකාවේ සිට විජිත හේරත් සඳහන් කළේ තමන් ආණ්ඩු බලය ලබා ගෙන දින කිහිපයක් තුළ විදේශ ගමන් බලපත්ර පෝලිම ද අවසන් කළ බවයි.