කලින් ආණ්ඩු කාලේ වගේ විපක්ෂෙට කටමැත දොඩවන්න බෑ…! – නි. ඇමති මහින්ද ජයසිංහ…

October 6, 2025 at 5:05 pm | by emanisa.lk

විමල් – ගම්මන්පිල නඩය තවමත් ඇත්තේ කලින් ආණ්ඩු යැයි සිතා කටමැත දොඩවමින් ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

දැන් එලෙස කටමැත දෙඩවිය නොහැකි බවත් එසේ කරන්නේ නම් ඊට එහා පරීක්ෂණ සහ විමර්ශන සඳහා ඔවුන් සහභාගී විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

එලෙස කටමැති දෙඩවූ විමල් වීරවංශගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් ඇතැයි ද ඉදිරියටත් එලෙස කටමැන දොඩවන අය විමර්ශනවලට සූදානම් විය යුතු බවත් මහින්ද ජයසිංහ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *