යම් යම් පසුබෑම් තිබුණ ද වර්තමාන පාලනය පැවති පාලනයට වඩා හොඳ බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
“මේ රජයේ ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයා යම්කිසි කාර්ය භාරයක් සිදුකරනවා. නමුත් තවම මෙතෙක් දුරට පාතාලයේ ක්‍රියාකාරකම් නවත් වන්නට සාර්ථක දෙයක් කෙරිල නැහැ. මේ දිනවල මරා ගැනීම් තියෙන්නේ මූලිකවම මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාපාරය හරහායි. මත්ද්‍රව්‍ය අපේ සමාජයට පිළිලයක් වෙලා.
ආරක්ෂක ලේකම්කම ගන්න කිව්වට මම පිළිගන්නේ නැහැ. ලේකම්ලා ඉන්නේ මෙහෙයුම් කරන්න නොවේ. ලේකම්ලා අමාත්‍යාංශවල විගණන නිලධාරී හැටියට ඉන්නේ. කොහොමටත් මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් නිසා රජයේ තිබෙන පිළිවෙළ අනුව ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් රඳවලා තිබෙන්නේ ඇමතිවරු සිටින ස්ථානයේ. මේ වැඩේ කාට වුණත් කරන්න නම් මේ වැඩේ ගැන වග කීමක් පැවරෙන්න ඕනා. පුරෝහිතලාට මේ වැඩේ කරන්න බැහැ.
මේ රටේ තිබුණ පාලනයට වඩා මේ පාලනය හොඳයි. අපේ යම්කිසි අංශ වලින් පසුබෑම් තිබෙනවා. අපට බඩගින්නේ ඉන්න වුණත් හොරකම්, මැරකම්, දුෂණ, නවත්වනවා නම් ඒකෙන් රටට යහපතක් වෙනවා. මේ වන විට රජයේ යම් කිසි උත්සාහයක් ගනිමින් තිබෙනවා හොරකම වංචාව දුෂණය නවත්වන්න.
අපේ රටේ සම්පත් අවභාවිත කළ අය හිර ගෙවල් වලට යනවා අපි දකිනවා. මේ ක්‍රමය සාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම රටට විශාල ශක්තියක් වේව්. අපි සංස්කෘතියක් හැටියට සාර්ථක වෙයි. පළමුවෙන්ම හොරු ඇල්ලීම සිදු විය යුතුයි. ඒක නැතුව මොනවා කළත් වැඩක් නැහැ.”
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් කැලණිය තොරණ හන්දිය නව එක්සත් මිතුරු කැල 20 වැනි වරටත් සංවිධානය කළ ෆැස්ටා දන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.