කරන්ට් කැපුවොත් ලංවිමට නඩු දානවා…! – ජනක රත්නායක..

January 26, 2023 at 9:16 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ ඇති විධානයට අනුව අද (26) සිට ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ කිසිදු විදුලිය විසන්ධි කිරීමේ ඉල්ලීමකට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය නොදෙන බව  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මානව හිමිකම් කොමිසමට දැනුම් දෙයි.

එදින සිට උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය සැපයිය යුතු යැයි ද ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කර ඇති බව ද  ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය එම නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් ලංකා විදුලිබල මණ්ඩල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනක රත්නායක එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *