කරන්ට් කැපිල්ල වෙලාවට බිල ගෙවන ජනතාවට විතරයි…! මාදිවෙල මන්ත්‍රී නිවාසවලට දිවා රෑ අඛණ්ඩව විදුලිය…!

February 26, 2022 at 10:10 am | by emanisa.lk

වර්තමාන විදුලි කප්පාදු මාදිවෙල මන්ත්‍රී නිවාස සඳහා බල නොපාන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා ඉදිකර ඇති මෙම නිවාස සඳහා පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට කටයුතු කර තිබේ.

එම ප්‍රදේශයට විදුලිය සැපයීම භාරව කටයුතු කරන ලෙකෝ ආයතනය පවසන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාස සඳහා විදුලි කප්පාදුව සඳහා විදුලි බල මණ්ඩලය මෙතෙක් දැනුම් දී නොමැති බව ය.

කෙසේ වුව ද පවතින මූල්‍ය අර්බුදය හමුවේ ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගත නොහැකි වීම නිසා සිදුවන විදුලි කප්පාදුව නියමිත වෙලාවට විදුලි බිල ගෙවන ජනතාවට ද රටේ නිෂ්පාදන කාර්යයට දායක වන රට පුරා කර්මාන්ත ශාලා සඳහා ද බලපායි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *