කප්පමට හිරකරුවන් නිදහස් කළේ හිටපු ආරක්ෂක ලේකම්ගේ ඇම්බැට්ටයෝ….!

June 9, 2025 at 1:35 pm | by emanisa.lk

ඉහළ බන්ධනාගාර නිලධාරීන් හැමදාම කළේ දූෂිත වැඩ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා පවසයි.

මෙවර ඔවුන් ජනාධිපතිරයා ද අන්දවා සුපිරි ගේමක් ගසා ඇතැයි ද අත යට මුදල් ගනුදෙනු මත සිරකරුවන් නිදහස් කර ඇතැයිද ඔහු චෝදනා කරයි.

මොවුන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇම්බැට්ටයන් බවත් ඔවුන් ආණ්ඩුවටත් ගේමක් ගැසීමට වැඩපිළිවෙළ හදා ඇති බවත් සුදේශ් නන්දිමාල් සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කිරීමට පැමිණි අවස්ථාවේ හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *