මේ රටේ නිසි අධ්‍යාපනයක් තිබිණි නම් රටේ කඳු පද්ධතිය මේ ආකාරයට ගැලවීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
“පරිසරය ගැන හැඟීමක් නෑ. කන්දක් ගැන හැඟීමක් නෑ. ඇළක් දොළක් වැවක් ගැන හැඟීමක් නෑ. ඒවා අපි අපි අතින් විනාශ වුණා.
ලංකා ඉතිහාසයේ ආපදාවකට පත්වුණ මිනිහෙකුට ද කවදාද ගෙයක් හදන්න ලක්ෂ පනහක් දුන්නේ. කවදාද ඉඩමක් ගන්න ලක්ෂ පනහක් එක්ක ඔක්කෝම කෝටියක් දුන්නේ.
මේ රටේ ගොවි පරපුරකින් ආ ජනාධිපති කෙනෙක් එක්ක ජනතාව ගැන හිතන ආණ්ඩුවක් ඇවිල්ලා. ඒ නායකත්වය තමයි, නිලධාරීන් දිවා රෑ නැතිව එකතු කරලා මේ එකතු කරගත්තේ.”
උත්සව අවස්ථාවක් අමතමින් ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව කීය.