රටේ රිලා ප්රශ්නය කෙටි කාලීනව විසඳීම සඳහා රිලවුන්ට කෑම, ජලය ලබා දීම වහා නතර කළ යුතු බව සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක, පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.
එසේම වියළි කලාපයේ නිවාසවල මුළුතැන් ගෙයින් එළියට දමන ජල පහරවල් නතර කර ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග වෙත යා යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
එමගින් මාස තුනක් ඇතුළත රිලා ප්‍රශ්නයෙන් 60%ක් විසඳිය හැකි බවත් ලෝක කියවීමත් එයම බවත් නයනක රන්වැල්ල අවධාරණය කරයි.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ, සත්ව ගහනය පාලනය කිරීම සඳහා විද්‍යාත්මක යෝජනාවලියක් 2017 වසරේ දී භාර දී ඇති බවයි.