කන්ටේනර් 323 ගැන අහන්න දයාසිරි CIDයට කැඳවයි…!

June 6, 2025 at 3:54 pm | by emanisa.lk

ආන්දෝලනයට ලක්ව ඇති බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

එහි දී ඔහු මාධ්‍ය වෙත පැවසුවේ, බහාලුම් මුදාහැරීම ගැන CIDයට කැඳවා ප්‍රශ්න කළ යුතුව ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා හා නිදහස් කළ කමිටුව බවයි.

එහෙත් කැඳවා ඇත්තේ, ප්‍රශ්නය ඉදිරිපත් කළ අය පමණක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ආයතනයක් බවට පත්කරගෙන ඇති බවට ද හෙතෙම චෝදනා කරයි.

විපක්ෂය මර්දනය කිරීමටත්, ආණ්ඩුවේ අය බේරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගන්නා බව ද ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *