කන්ටේනර්වල ප්‍රභාකරන්ගේ ආයුධ තිබුණේ නෑ…! – ආරක්ෂක ලේකම් තුයියකොන්තා…

June 6, 2025 at 4:27 pm | by emanisa.lk

කිසිදු පරීක්‍ෂාවකට ලක්නොකර රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් 323 අතර කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් තිබූ බවට සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී එම ප්‍රකාශය සිදු කළ අතර
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා නෙත් ගුවන් විදුලිය වෙත පවසා ඇත්තේ එය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවයි.

කෙසේ වුව ද අදාළ කන්ටේනර්වල තිබුණේ මොනවාද එහි හිමිකරුවන් කවුද යන්න ආණ්ඩුව මෙතෙක් හෙළිදරව් කර නොමැති අතර ඒ පිළිබඳ ප්‍රශ්න කළ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර CIDයට කැඳවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *