කතානායක ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන දෙදෙනාටම රජයේ නිවාස දෙකක් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ ලිපි දෙකක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.
මෙම නිවාස දෙකම කොළඹ ලොරිස් මාවතේ එකම නිවාස පරිශ්රයකින් වෙන්කර තිබේ. කතානායකවරයාට නිල නිවසක් හිමි වුවද ඔහු දැනට එය භාවිත නොකරයි.
මෙයට පෙර සඳහන් කළේ ශ්‍රී ජයවර්ධපුර පිහිටි කතානායක නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කරන බවයි. කෙසේ වුවද එහි තවමත් කතානායකවරයාගේ කාර්ය මණ්ඩලය රැඳී සිටින බව වාර්තා වෙයි.
වර්තමාන කතානායකවරයා සිය ධුරයේ වැඩ භාරගත් පසු පැවති නිදහස් උලෙළට නිල රථය භාවිත නොකර වෑන් රථයකින් පැමිණ සිය සරල බව ප්‍රදර්ශනය කිරීම බොහෝ පාර්ශ්වල ඇගයුමට ලක්විය.
කතානායක සහ පෞද්ගලික ලේකම් නිල නිවාස දෙකක් වෙන්කරගෙන ඇත්තේ ආණ්ඩුවේ ඇමතිවරුන් නිල නිවාස භාවිත නොකරන බව ප්‍රකාශ කොට ඇති පසුබිමකය.