කතානායක ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි…! – ගෙවිඳු…

July 26, 2024 at 6:17 pm | by emanisa.lk

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් විධායකය සහ අධිකරණය අතර ගැටුමට මූලික හේතුව කතානායවරයා ගත් වැරදි තීන්දුවක් බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ව්‍යවස්ථාදායක සභාවේ පොලිස්පති පත්කිරීමේ යෝජනාවට පක්ෂව සහ විපක්ෂව ඡන්ද සම සමව නොමැති අවස්ථාවක ‘මෙසේ නම්’ කියා කතානායකවරයා යොමු කළ ලිපිය නිසා මෙම අර්බුදය මතු වූ බවටයි, මන්ත්‍රීවරයා චෝදනා කළේ.

එහෙයින් මෙම ගැටලුව පිළිබඳ මහින්ද යාපා අබේවර්ධන, කතානායක පුටුවේ සිට කතා කිරීම පවා අසාධාරණය බව ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කළේය.

අද (26) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *