කතානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු ආරම්භ කළේය.
වත්මන් කතානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද, 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී කථානායක ධුරයට තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී ද සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කර තිබේ.
එසේම කතානායක ධුරයේ රාජකාරී භාරගත් පසුව ද ඔහු වෙත නොමැති මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබාගත් රසායනික ඉංජිනේරු විද්‍යා පිළිබඳ BSc උපාධියක් ද, ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ද ඇති බව හුවා දක්වමින් ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිත කර ඇත.
මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධයක් එල්ල වන අවස්ථාවේදී හා තොරතුරු විමසීමේ දී නිහඬව සත්‍ය වසන් කර ඇති නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය පවසයි.