කතරගම වැඩහිටිකන්ද පුදබිමේ පොලිස් මුරපොළ ගලවයි…!

July 27, 2025 at 10:26 am | by emanisa.lk

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සඳහා පිහිටුවා තිබූ පොලිස් මුරපොළ ඉහළින් ආ නියෝගයක් බව පවසමින් පසුගිය 26 වෙනි දින සිට ඉවත් කර ඇතැයි එම විහාරාධිපති හීන්ගල ඥානානන්ද හිමි පවසයි.

ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් එම පොලිස් මුරපොළ නැවත ස්ථාපිත කර දෙන ලෙස එහිමියන් ඉල්ලා තිබේ.

මෙම පොලිස් මුරපොළ ඉවත් කිරීම මහා අපරාධයක් බවත් එය පා ගමනින් මහා වනය මැදින් පුදබිමට පැමිණෙන බෞද්ධ හින්දු බැතිමතුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ඥානානන්ද හිමි පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *