ජන ජිවිතයට දැඩි පීඩනයක් සිදු කරනු ලබන රිළවුන් සහ වඳුරන් ඇල්ලීමේ කතරගම වැඩසටහන නවතා දමා තිබේ. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් මත වඳුරන් ඇල්ලීම පිණිස පුහුණු වනජීවී නිලධාරීන් යොදවා කතරගම ප්‍රෙද්ශයේ වඳුරන් අල්ලා යාල වනයට මුදා හැරීමට නියමිතව තිබිණි.
කෙසේ වුව ද මෙම වැඩපිළිවෙළ හදිසියේම නවතා දමා ඇති අතර ඒ සම්බන්ධයෙන් කතරගම ජනතාව වනජීවී නිලධාරීන්ට චෝදනා කරති.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ කෘෂිකර්මාන්ත අමාත්‍යතුමාගේ උපදෙස් මත මෙම සතුන් ඇල්ලීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දීමට තමන් ක්‍රියා කළ බවත් එය නැවතීම සම්බන්ධයෙන් කනගාටු වන බවත්ය.
මේ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් කතරගමට එවන ලද අතර ඒ වන විටත් අල්ලා ගත් රිළවුන් නැවත කතරගම ප්‍රදේශයටම මුදාහැර ඇති බවට ජනතාව වෝදනා කරති.