රුහුණු මහා කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු පරිශ්‍රය අද (03) ජනසතු කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ එහි ඉදිකිරීම් නිම කර ඇත.
මේ සඳහා වියදම් වී ඇති මුදල දළ වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර තවත් රුපියල් මිලියන 50ක මුදලක් එහි උපකරණ සඳහා වියදම් වී ඇත.
පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන් වෙනුවෙන් මහල් 4කින් සමන්විත මෙම වාට්ටු පරිශ්‍රයේ නේවාසිකව දරුවන් 70කට ප්‍රතිකාර ගැනීමේ හැකියාව තිබේ.
මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුනසේකර සහ හමුදා නිලධාරීන් පිරිසක් ද එක්වූහ.