තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු මහනුවර බූවැලිකඩ සිව් මහල් ගොඩනැඟිල්ලේ මුල් හිමිකරු හිටපු බස්නායක නිලමේවරයෙකු බව වාර්තා වෙයි.
එහි වර්තමාන හිමිකරු වන්නේ අනුර ලෙව්කේ නැමැත්තෙකි.
ගොඩනැඟල්ල කඩා වැටෙන අවස්ථාවේ අනුර ලෙව්කේ සිය පවුල සමග මෙම ගොඩනැඟිල්ලේ පිහිටි නිවසේ සිට ඇති අතර ඔවුන් සියලු දෙනා ම අනතුරින් ජීවිත ගලවා ගෙන තිබේ.
මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මහනුවර නගර සභාවේ සහ භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ අනුමැතිය ලැබී ඇද්දැයි සොයා බලා අනුමැතිය ලබා නොමැති නම් හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.