කජ්ජාගේ ඝාතනයට දේශපාලන මැදිහත් වීමක් හෙළි වී නැහැ…! – පොලිසිය….

October 5, 2025 at 3:45 pm | by emanisa.lk

සිය මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ ඔත්තු ලබා දීම නිසා අරුණ විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය කළ බව බැකෝ සමන් ප්‍රකාශ කොට තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ එම ඝාතනයේ වගකීම භාර ගැනීමට තවත් පාතාළ කණ්ඩායමක් සූදානමින් සිටිය ද ඔහු සමග දරු දෙදෙනාත් ඝාතනය වීම නිසා ඔවුන් එය භාර නොගත් බවයි.

දරු දෙදෙනා ඝාතනය කිරීමට තමන්ට කිසිදු උවමනාවක් නොතිබි බවත් මෙම ඝාතනයේ සැකය තමන් වෙත යොමු වීම වළක්වා ගැනීම සඳහා කජ්ජාගේ බිරිඳගේ ගිණුමට රු. ලක්ෂ තුනහමාරක් බැර කළ බව ද ඔහු පවසා තිබේ.

මේ අතර කජ්ජා ඝාතනය කරන බව තමන් දැන නොසිටි බවත් බැකෝ සමන්ගේ උපදෙස් අනුව ඝාතනයක් සඳහා ගිනි අවි ලබා දුන් බවත් සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන්ට පවසා ඇත.
සම්පත් මනම්පේරි කරන ප්‍රකාශ තහවුුරු කර ගැනීම සඳහා ඔහුගේ දුරකතන දත්ත පරික්ෂා කිරීම ඇතුළු විමර්ශන සිදුකරන බව විමර්ශන නිලධාරීන් සඳහන් කරති.

කජ්ජාගේ ඝාතනය සඳහා කිසිදු දේශපාලන මැදිහත් වීමක් මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එම නිලධාරීහු වැඩි දුරටත් සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *