මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් වුවද පැරණි පක්ෂ සමග කරට කර තරග කිරීමට ඕනෑම මොහොතක සුදානම් බව එම පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
“මව්බිම ජනතා පක්ෂය බිහි වුණේ ලංකාවේ ඇති වුණු දේශපාලනික රික්තය පිරවීම සඳහා. අපේ පක්ෂය බිහි වන විට ලංකාවේ ඡන්දදායකයන් ඉතාම වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙලා හිටියේ. පක්ෂ අලුතින් බිහිවන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ඊට වඩා තර්කානුකුල, විද්‍යාත්මක සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමගයි මේ පක්ෂය බිහි කළේ.
සාම්ප්‍රදායික දේශපාලන වේදිකාවේ ඇසෙන සියලු සාම්ප්‍රදායික වචන, වාක්‍ය ප්‍රතික්ෂේප කරමින් තමයි අපි ඉදිරියට යන්නේ. දැන් අපි ජනතාවට හොඳ විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශවල තිබුණා දරිද්‍රතාවය නැති කිරීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒ සඳහා වන ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ පක්ෂය සංකල්ප මත පදනම් වූ පක්ෂයක්. මේ පක්ෂය හුදු අහම්බයක් නෙවේ. තීරණාත්මක අවස්ථාවක සංකල්ප මත දර්ශනයක් මත පදනම් වෙලා තමයි මේ පක්ෂය නිර්මාණය කළේ.
අද පොහොට්ටුව අවලංගු වෙලා. හැබැයි ජනතාවගේ අපේක්ෂාවන් අවලංගු නැහැ. ඒ නිසා මව්බිම ජනතා පක්ෂයේ පළමු කාර්ය භාරය විය යුත්තේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම. ඒ වගේම හැටනව ලක්ෂයට අයිති නොවුණු රාජපක්ෂ සන්නාමය නිසා එවකට ඡන්දය ප්‍රකාශ නොකළ සියලු දෙනාත් අපි එකතු කර ගන්න ඕන. මොකද ඔවුන් රටට ආදරය කරන පුද්ගලයන්. අපි නව පක්ෂයක් වුණත් ඕනෑම පැරණි පක්ෂයක් සමග තරග කිරීමට හෝ ඔවුන්ගෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් සදහා මුහුණ දීමට හැකියාවක් තියෙනවා.”
බොරැල්ල සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළේ අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවලංගු වී ඇති බවය.