ඕනෑ ද දෙයක් දෙන්නම්…! රට බෙදන්න දෙන්න නම් බෑ..! – මහින්ද සම්බන්ධන්ට කියයි…

January 5, 2023 at 8:34 am | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (04) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන හමු වී තිබේ.

ආර්. සම්බන්ධන්ගේ නිවසේ දී මම හමුව සිදුව ඇත.

එහි දී දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස සම්බන්ධන්, හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමට එකඟ වී ඇති මහින්ද රාජපක්ෂ, එහි දී අවධාරණය කර ඇත්තේ ඕනෑ ම සාධාරණ ඉල්ලීමක් ලබා දීමට තමන් සූදානම් වුව ද කිසිසෙත් රට බෙදීමට ඉඩ දිය නොහැකි බව යැයි දෙමළ පුවත්පතක් වාර්තා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *