ඔන්ලයින් පනතට එරෙහිව මර්වින් බොරැල්ල කනත්තට…!

February 5, 2024 at 9:39 am | by emanisa.lk

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මිනී පෙට්ටියක් රැගෙන බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවක් පැවැත්වූහ.

සමාජ මාධ්‍යයේ මරණය භූමිදානය කිරීම යනුවෙන් පවසමින් විරෝධතාව පැවැත්විණි.

හිටපු අමාත්‍යවරයාව ප්‍රමුඛ පිරිස කනත්තට ඇතුළු වන අවස්ථාවේදී කනත්තේ ආරක්ෂක නිලධාරීන් ඊට එරෙහිව සිය විරෝධය දැක්වූ අතර එහිදී තරමක උණුසුම් තත්ත්වයක් ඇති විය.

කෙසේ වුව ද හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස එම විරෝධතාව නොතකා කනත්තට ඇතුළු වී සිය විරෝධතාව පැවැත්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *