මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනයට පුරාවිද්‍යා ටැම් ලිපියක් ප්‍රවාහනයට අවසර ඉල්ලා මහනුවර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකළ කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.
මහනුවර පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්යක්ෂවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 22වෙනිදා යොමු කර ඇති එම ලිපිය මගින් මැණික්දෙන පුරාවිද්‍යා ස්ථානයෙහි ඇති ටැම් ලිපියක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ප්‍රවාහනයට අවසර ඉල්ලා ඇත.
ජාතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා ලබාදෙන සහයෝගයට ස්තූතිවන්ත වන බවද එම ලිපියෙහි දැක්වෙයි. කෙසේ වුවද මෙවැනි කටයුතු සඳහා අදාළ පුරාවිද්‍යා ස්මාරකවල අනුරූ නිර්මාණය කර භාවිත කිරීම සම්ප්රදායයි.
පැරණි රජ දවස බුත්ගමු වෙහෙර නමින් හැඳින්වූ මෙම විහාර පරිශ්‍රය කලක් ජනප්‍රියව පැවති පබ්බත විහාර සම්ප්‍රදායට අයත්ය. මෙම විහාරය ක්‍රි.ව. 9-10 වන සියවස්වලට අයත්යැයි සැලකේ. කෙසේ වුවද මෙම පුරාවිද්‍යා ටැම් ලිපිය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැගෙන ආවේද නැද්ද යන්න වාර්තා වී නැත.