ඓතිහාසික උරුමය රැකගන්න තීන්දුයි… නුවරඑළිය තැපැල්හල ලියුම් බෙදන්න විතරයි..!

October 9, 2024 at 5:53 pm | by emanisa.lk

වසර 130ක් පමණ පැරණි නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට ලබා දීමට පසුගිය රජය ගත් තීන්දුව අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා.

නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා.

ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා.”

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *