ඒකීය රාජ්‍යය රැකගන්න විපක්ෂයේ බලය අපට දෙන්න…! – රොෂාන් රණසිංහ….

November 11, 2024 at 12:34 pm | by emanisa.lk

2015 තමන් මෛත්‍රීපාල සිරිසේන සමග නොගියේ රට කබළෙන් ළිපට වැටෙන බව දැන සිටි නිසා යැයි මව්බිම ජනතා පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

මේ ඒකීය රාජ්‍යය බෙදා වෙන්කර ලීමට ඉඩදිය නොහැකි බවත් සිය පක්ෂය එඩිතර විපක්ෂයේ බලය ඉල්ලා සිටින්නේ ඒ වෙනුවෙන් පෙනී සිටීමට බවත් ඔහු සඳහන් කරයි.

රටේ සෑම පුරවැසියෙකුට රටේ අයිතිය දී සියලු පුරවැසියන් එකතු වී මේ රට ගොඩනැඟීය යුතු බව රොෂාන් රණසිංහ අවධාරණය කරයි.

සර්වජන බලය ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *