ඒකීය රටක් තුළ 13න් බලය බෙදන්න සූදානම්…! – සජිත්…

August 16, 2023 at 8:10 am | by emanisa.lk

බොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන තමන් එදාත් අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඒකීය ස්වෛරී රටක්, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත හා දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීමට අරමුණු කර ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව යන සංකල්ප ගැන කතා කරන්න පෙර රට තුළ ඇති බෙදීම නැතිකර දැමිය යුතු බවත් සියලුම ජන සමාජ සියලුම ජන කොට්ඨාස සුරක්ෂිතභාවය ඒකීය භාවය වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ වෙනුවෙන් තමා ද කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ විනය ගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාවේ දෙවැනි අදියර ඊයේ (15) ගාල්ල නගර ශාලාවේ දී පැවති අවස්ථාවේදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *