මහින්ද රාජපක්ෂ විසින් ලංකාවට සලමන් ඛාන් ගෙන ආ ආකාරයට ම එලෝන් මස්ක් වැනි 10 දෙනෙකු පමණ නුදුරේ දී ම ලංකාවට ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ජාතික ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ විධායක මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ අපගේ අයෝජන ඇහැ වෙනස් කළ යුතු බවයි.
එකම රටවල් එකම භාණ්ඩ කිහිපයක් දෙසා බලා සිදුකරන ආයෝජකයින් කැඳවීම සාර්ථක නොවන බවයි, හඳුන්නෙත්ති පෙන්වා දෙන්නේ.
ආයෝජන කැඳවීම සඳහා අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් ඇතැයි ද සුනිල් හඳුන්නෙත්ති වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
යූටියුබ් නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් සුනිල් හඳන්නෙත්ති මේ බව කීය.