එනපොට හොඳ නෑ… තීරු බදු වහා වෙනස් කරමු… මහ බැංකුවෙන් නිර්දේශයක්..!

April 13, 2025 at 4:19 pm | by emanisa.lk

අන්‍යොන්‍ය තීරු බදු පිළිබඳව සලකා බලා මෙරට තීරු බදු ව්‍යුහයන් නැවත සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රීලංකා මහ බැංකුව නිර්දේශ කරයි.

මහ බැංකුව මෙම නිර්දේශය නිකුත්කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාව (2024) මගිනි.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවන ඕනෑම තීරු බද්දක් හමුවේ මෙරට අපනයන අංශයට විශාල බලපෑමක් ඇති කළ හැකි බවත් එබැවින් ඉක්මනින් මැදිහත් වීම සඳහා අවදානම් තත්ත්වයන් සලකා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී සඳහන් කර ඇත.

මෙරට විසින් විදේශීය වෙළෙඳපොළට යවන භාණ්ඩ සඳහා පනවා ඇති සහ අප රටේ භාණ්ඩ සඳහා එම රටවල් පනවා ඇති තීරුබදු අනුපාතයන් නැවත සලකා බැලීම අත්‍යවශ්‍ය බව එමගින් අවධාරණය කරයි.

ඇමෙරිකානු රජයේ තීරු බදු වෙනස්කම්වලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙළෙඳ හවුල්කාර රටවලටද ඇති විය හැකි බලපෑම නිසාද ශ්‍රී ලංකාවේ අපනයනයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවද මහ බැංකුව එම වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *