වර්තමාන ඉන්ධන සහ බලශක්ති අර්බුදය 2021-22 සමයේ රටේ පැවති තත්ත්වයට කිසිසේත් සමාන නොවන බව ආණ්ඩු පක්ෂ මන්ත්රී අසිත නිරෝෂණ පවසයි.
එකල ලෝක ආර්ථිකය ඉතා යහපත් ලෙස ඉදිරියට ගමන් කරන අතර හිටපු පාලකයන්ගේ වැරදි ප්රතිපත්ති, හොරකම සහ දූෂණය නිසා රට බංකොලොත්ව රුපියල් සහ ඩොලර් නොමැතිව එම තත්ත්වයට ඇද වැටුණු බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් මෙවර ලෝක යුද තත්ත්වය නිසා සියලුම රටවල් මුහුණදෙන ගැටලුවටකට ලංකාවටද මුහුණදීමට සිදුව ඇතැයිද රටේ ඩොලර් රුපියල් තිබුණද තෙල් මිලදී ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද අසිත නිරෝෂණ ප්රකාශ කරයි.
මේ නිසා රටේ බලශක්ති මිල ඉහළ නැංවීමට සහ ඒවා අරපිරිමැස්මෙන් භාවිතයට සිදුව ඇතැයිද එදා සුද්දේ නිසා ආගාධයට ගිය රට වසර එකහමාරක් තුළ ගොඩනඟා ආර්ථිකය ශක්තිමත් කළද යුද්දේ නිසා දුෂ්කරතා මතුව ඇති බව ජනතාව අවබෝධ කරගෙන ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන්කරයි.