පාස්කු ප්රහාරයට මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධ නැතිනම් පරීක්ෂණ අවසානයේ ඔහු නිදහස් වනු ඇතැයි හරීන් ප්රනාන්දු පවසයි.
එම ප්රහාරය සිදු වූ අවස්ථාවේ සලේ පිළිබඳ සඳහන් කළේ විවිධ අයගෙන් ලැබුණු තොරතුරු අනුව බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වුවද කතෝලික සභාවේ ප්රධානීන් එදා තමන්ට කට වහගෙන සිටින ලෙසත් සලේ ගැන වචනයක් ප්රකාශ නොකරන ලෙසත් පවසමින් බැන වැදුණු බවද හරීන් ප්රනාන්දු ප්රකාශ කරයි.
එහිදී තමා සලේට චෝදනා නොකළ බවත් ඇති චෝදනාවලින් නිදහස් වන ලෙස ඉල්ලා සිටි බවත් පැවසූ හිටපු ඇමතිවරයා, දැන් කතෝලික සභාවට සලේ වැරදිකරු වී ඇති බවද සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ සියත නාලිකාවේ ත්රිකෝණය දේශපාලන සංවාදයට එකතු වෙමිනි.