2019 වසරේ එවක රජය කිසිදු සොයා බැලීමකින් තොරව බදු සියල්ල කපා දැමූ බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණි පවසයි.
එය ආර්ථික වශයෙන් ගත් ඉතාම බොළඳ තීන්දුවක් බවද ඔහු අවධාරණය කරයි.
එපමණක් නොව කොවිඩ් වසංගතය අවස්ථාවේ මාස දෙකක් කොළඹ වසා දැමූ කණ්ඩායම් දැන් ආර්ථිකය ගොඩනගන හැටි තමන්ට කියාදීමට එන බවටද හෙතෙම චෝදනා කරයි.
තම ආණ්ඩුවට ලැබුණේ ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු රටක් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.